දැන් මම ටීච ෙකෙෙනක් October 9, 2009
අපි හැෙමා්ෙගම හිත්වල ෙපාඩිකාෙල් සිහිනයක් තිබුණා ෙලාකු උනාම කවුද ෙවන්ෙන් කියලා. මම ෙපාඩිකාෙල් හරිම අාසාෙවන් හිටිෙය් ෙලාකු උනාම ටීච ෙකෙෙනක් ෙවන්න. ඒ දවස් වල මම අම්මාෙග් පරණ සාරි අැදෙගන ටිච ෙකෙනක් වාෙග් ඉන්නවා.තනියම උගන්නනවා.සමහර දාට මම සාරි අැදන් උගන්නන්ෙන් තාත්තාට.
බටුවන්ගල චාරිකාව October 8, 2009
දවස් ගණනක ඉදලා ඇඟිලි ගැන ගැන හිටිෙය් බටුවන්ගල ඊ ගම්මානය බලන්න යන්න. මම එෙහ්යන්න හරිම ආසාෙවන් තමා හිටිෙය්. ඇත්තටම ඒ ආසාව ඇති කලේ ඉසුරු මල්ලි. දවසක් මම එයා එක්ක චැට් කර කර ඉන්න ෙකාට ලස්සන ෙෆාටෝස් වගයක් එව්වා. හරිම ලස්සන පරිසරයක් තමා තිබුෙණ්. අනිත් ඒක තමයි ඒ ළඟමයි සිංහරාජ කැළය තිබුෙණ්. මම කැළයක ඇවිදින්න හරිම ආසාෙවන් හිටිෙය්.
විභාගයත් ඉවර නිසා ඒ අදහස අෙප් සර්ට කිව්වම සර් කැමති වුණා බටුවන්ගල යන්න. ඔන්න ඔය විදියට තමා ගමන ෙසට් වුෙණ්. කලින් දවස් 3ක් ෙයාදාෙගන තිබුනත් ෙම් දවස් වල ගාඩක් වැඩ නිසා දවස් 2ක් ෙයාදාගත්තා. ෙකාහොමහරි අෙප් ෙසට් ඒකේ ක්‍රිෂාන් ලංකා ප්‍රියා සමන්තිකයි මමයි අෙප් සර්නුයි තමයි ගමන ගියේ.
ෙවනදා වගේ නෙවෙයි බලාපොරොත්තු ගොඩක් පිරුනු දවසක් තමයි පසුගිය සදුදා. එදා තමයි අපේ ගමනේ පළෙවනි දවස. කට්ටියම උෙද් 5.30 ට විතර ෙසට් වුණා. එහාට යනෙකාට 9.30 විතර ෙවලා. අෙප් පැත්ත වෙග් නෙෙවයි හරිම ලස්සන පරිසරයක් තිබුෙණ්. කදු වලින් වටවුනු තේ ගස් රබර් ගස් තියන, ඒ විතරක් නෙවෙයි චූටි චූටි වතුර පාරවල් හැම තැනම.හරිම ආසයි. ඒ ලස්සන තවත් දවසක දී කියන්නම්.
ඔන්න ඉතින් අපි ඊ ගම්මාෙනට ආවා. කලින් හමුවෙණ් නැති වුණාට දැකලා පුරුදු මූණු ෙගාඩයි. ඉසුරු මල්ලව නම් හොඳට අඳුරනවා,ෙමාකද අපි කලින් ඉදලම ඉසුරු ඒක්ක චැට් කරනවනේ. ගිය ගමන් ඒයාලා අපිව ෙහාදින් පිළිගත්තා. ඔක්කොම හිටිෙය නංගිලා මල්ලල. හරිම ෙහාදයි කවුරුත්ම.
ඊට පස්සේ අපි ගියේ පුදුම තැනකට. නංගිලා මල්ලල ටික දෙනක් අපි ඒක්ක ආවා. ඒ ළඟම තියන විදුලි බලාගාරයක් බලන්න. පුදුම තැනක් කිවුෙව් ඒක ෙම් ඉස්කෝලෙට අයිති නිසා.මම දන්න විදියට නම් ඉස්කෝලයක් මුල්වෙලා කරන අපේ රටේ තියන ඒකම බලාගාරය මේක තමා. හැබැයි ඉතින් මේ වගේ ෙදයක්කරලත්මේවෙනකම්ම ඒගැන කාගේවත් අවධානය යොමු නොකර එයාල ධෛර්යමත් ෙනාකරපු ඒක නම් අෙප් රෙට් තියන දුර්වලතාවයක් කියලයි මට නම් හිෙතන්ෙන්.
ඇත්තටම ඒෙහ් අරුණ සර්නුයි නංගිලා මල්ලලය ෙලාකු කැපවීමකින් තමා ඒ ෙද්වල් කරන්නේ ඒයාලෙග් ලැබ් ඒකට කරන්ට්එක අරෙගන තියෙන්නේ ඒහෙමයි. ඒ බලාගාරෙය වැඩ කරන හැටි අරුණ සර් අපිට කියලා දුන්නා. ඒ ඇල්ලට කියන්ෙන් පීලි ඇල්ල කියලා.
ඊට පස්සේ අපි ගියේ දූලි ඇල්ල බලන්න. ඒකේ ෙකාටස් 3ක් බලන්න තියනවා.හරීම ලස්සනයි. වතුරත් කූල්. ලොකු ගල් ගෙඩි උඩට ෙවලා ඒ දිහා ෙගාඩක් බලන් හිටියා.ගල් උඩ ඉන්න කොට බය හිතුණා ගල් ලිස්සනවා. වතුර දිහා බලන් ඉන්න කොට මම වැටෙයි කියලත් හිතුණා. ඒදා ඒතනින් ආවේ නාලා. අපි කවුරුත්ම නෑවා. ඇතිවෙනකම්ම වතුරේ ඉදලා තමා ආවේ .
ගොඩක් හවස් වෙලා තිබුණ නිසා අලුත් යාලුවෝ ගියා. ඉසුරු මල්ලයි තව ඒයාගේ යාලුවෝ දෙන්නෙකුයි අපි ඒක්ක තවත් ඇල්ලක් බලන්න ගියා. ඒකත් හරිම ලස්සනයි.ඒතනින් කරුවල ඒන්න කලින් ආවා. මල්ලලා ගෙදර ගියා. අපිත් නවාතැනට යනෙකාට හොදටෝම කරුවල වෙලා තිබුණා.
ඒ අපේ සර්ගේ නෑද ෙගදරක්.ඒෙහ් ආච්චියි සීයයි හරිම ෙහාදයි. ඒදා රෑ මමයි ප්‍රියයි සමන්තියි දවල් දවස් ෙද්වල් මතක් කරකර ෙගාඩක් රෑ ෙවනකම් අවදිෙයන් හිටියා. නින්ද ගිෙය්ම නෑ. ඒත් දන්නේම නැතුව නින්දට ගියේ හෙට දවෙස් සිංහරාජ කැළය බලන්න යන ආසාවෙන්. ඒ ගැන විස්තරේ තවත් දවසක කියන්නම්……………………..
අතීත මතකයන් අතරින්…………….. September 22, 2009
විභාගෙන් පස්සෙම බ්ලොග් එක පැත්තෙ ආවේ ගිය සතියේ. විභාග දවස් වල හැරියට වැඩ තිබුණ නිසා නිදහසේ හිතලා ලිපියක් දාන්න ඉඩක් ලැබුණේම නෑ. ඒත් දැන් නම් ඹ්න තරම් වෙලාව තියනවා.
අද ලැබ් එකේ ඉන්නේ මමයි යාළුවෝ දෙන්නයි විතරයි. එයාලා දෙන්නත් ඊ- මේල් දෙකක් අස්සේ හිරවෙලා. පන්සලේ පෙරපාසලේ පොඩි බබාලාත් ඇවිල්ලා දොර ලඟට වෙලා බලාගෙන ඉන්නවා. එයාලා එක්ක කථා කරන්න යන කොට එයාලා දුවනවා. මාවත් සෙල්ලමට ඇදලා ගන්න වගේ බලන් ඉන්නේ. මටත් මගේ පුංචි කාලේ මතක් වුණා. කොයිතරම් ලස්සනද ඒ කාලය. මට ඒ දවස් වල හිටියේ එක යාළුවයි. එයාටත් මම විතරයි හිටියේ. අපි දෙන්නා හරිම යාළුයි. පෙර පාසල නිවාඩු දවසටත් අපි දෙන්නා හමුවෙනවා. අම්මයි තාත්තයි වැඩට යනකොට මාව එයාලයි ගෙදර ගිහින් දානවා. ඒ දවස් වල අපි දෙන්නාට හිටියේ අපි දෙන්නා විතරයි. වෙනකවුරුත් යාළුවෝ හිටියේ නෑ. ඒත් අද එයා කොහේ ඉන්නවාද කියලා මම දන්නෑ. එයාලා ඒ දවස් වලම වෙන කොහේද ගියා. මාත් මාතරින් මෙහේ ආවා. අපි ඊට පස්සෙම හමුවුණේ නැහැ.අපි කාගෙත් චූටිකාලේ හරිම ලස්සනයි. යාලුවා ඈත් වුණාම මම දවල්ට ගෙදර ඉන්නේ ආච්චිඅම්මත් එක්ක. ඒත් හැමදාම නෙවෙයි. හදිස්සියේ, මොකද නංගිත් ඉන්නවානේ. අපි දෙන්නම චූටි නිසා හැම දේටම රණ්ඩු කරනවා. ඒ නිසා පෙර පාසල් ඇරියම තාත්තා මාව බැංකුවට එක්ක යනවා. ආයෙත් ගෙදර එන්නේ හවසට.
මට මතකයි නිවාඩුකාලෙට අම්මා ගෙදර ඉන්න දවසක නංගි එක්ක රණ්ඩු වෙලා මට අම්මා ගැහුවා. එදා මම තාත්තා එනකම්ම ඇඩුවා. එයාලා මාව යාළුකරගන්න මට ගොඩක් සෙල්ලම් බඩු ගෙනත් දුන්නා. තවත් දවසක නංගියි මායි සෙල්ලම් කරකර ඉන්න කොට මම නංගිට සෙල්ලම් බත් කැව්වා. ඒ කැවුවේ වැලි . අපි දෙන්නම පොඩි නිසා මට තේරෙන්නෙත් නෑනේ ඉතින්, එයා කෑවා. එදා තාත්තා ෙගදර හිටියේ. තාත්තා ඒක දැකලා ඉක්මනටම එයාගේ කට හේදුවා. වෙලාවට අම්මා ඉස්කෝලේ ගිහින්. නැත්නම් මට එදත් ගහනවා. තාත්තා නම් කවදාවත් ගහලා නෑ. බැනලත් නෑ.
මම සරුංගල් වලට හරිම ආසයි. දැනුත් එහෙමයි. ඉස්සර මට ආච්චි අම්මා සරුංගල් හදලා දෙනවා. ඒත් සරුංගල් යවන්න දන්නෑනේ. ආච්චි ඒක ඉස්සරහ අඹ ගහේ එල්ලනවා. සුළඟට උඩ යනවනේ .මට ඉතින් හරි සතුටුයි.
වැස්ස දවසට අපේ මිදුලෙ වතුර පිරෙනවා. මම කඩදාසි ඹරු හදලා ඒක ඇතුලට ලොකු කූඹියෙකුත් දාලා මිදුලෙන් තියනවා. කූඹින්ට වෙන දේ ගැන මම හිතුවේ නෑ. හිතන්න උවමනාවක් තිබුණෙත් නෑ.
පෙර පාසල් යාළුව ගැන මතකය ගොඩක් දුරගියා.පුංචි කාලේ ගැන මතක් වෙනකොට ඒ මතකයන් කොයිතරම් සොඳුරුයිද කියලා හිතෙනවා. ඒත් ඒ කාලේ ආයේ එන්නෑනේ. හැමදාම පුංචිකාලේ වගේ ඉන්න තියනවානම් කොයිතරම් ෙහාඳද?
විභාගෙන් පස්සේ………………………. September 19, 2009
2008 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මම බලාපොරොත්තු වුනාට වඩා ගොඩක් අඩු වුණා. ප්‍රතිඵල ආවට පස්සේ ඒ ගැන ගොඩක් දුක හිතුණා. මගේ යාළුවන්ටත් එහෙමයි. ඒ නිසා කවුරුත්ම ආයේ විභාගය කරන්න තීරණය කළා. අපි කවුරුත් ආයේමත් පන්ති ගියා.
ආයෙත් විභාගය කරන්න මාස 6ක් වගේ පොඩි කාලයයි තිබුණේ. ඒත් ගොඩක් කාලයකින් පන්ති ගියේ නැති නිසා මුල් දවස් ටිකේ පන්ති ගියේ හරිම අමාරුවෙන්. ටික දවකින් ආයත් ඒක අපේ දින චර්යාව වුණා.
විභාගෙ ලං වෙන්න ලංවෙන්න විභාගෙට තිබුණ බය වැඩිවුණා වගේම කවදා ඉවර වෙයිද කියලා ඇඟිලි ගැන ගැන හිටියේ. ඇත්තටම උසස් පෙළ කියන්නේ ජීවතයේ තීරණාත්මක කඩ ඉමක්. ඒ වගේම ලොකු අබියෝගයක්.
උසස් පෙළින් පස්සේ ලැබෙන නිදහස කොයිතරම් ද කියලා හිතාගන්න බැරි තරම්. ඒ නිදහස කවදා ලැබෙයිද කියලා බලාගෙන හිටිය මට දැන් ඒ නිදහස ලැබිලා. ඒ දවස් වල
පොත් අතර ජිවිතය ගෙවුනත් දැන් නම් පොතක් අල්ලන්නැති තරම්.
ඒත් දැන් නම් දවස් ගත කරන්නේ හරිම කම්මැලිකමින්. මොනවා කරනවාද කියලා හිතාගන්න වත් බැරි තරම්. ඒත් දැන් අපේ රුහුණු ලංකා ආයතනයේ අලුතින් බාහිර පංති පටන් අරගෙන නිසා උගන්නනත් අලුතින් ගොඩක් දේවල් ඉගනගන්නත් පුළුවන්. ඒ වගේම ආයෙත් යාළුවන්ව හමුවෙන්නත් පුළුවන්.
My friend’s arrived………….. February 2, 2009
In 21st January , I hoped long time .why I say It was a specially day for me. Before a month I had an e-mail from my friend in Germany.He sent to me “he hope to come Sri Lanka in January”. Actually he came here last Wednesday. It was first time I saw him. He is very friendly person than I though. In two day he spent here with us. We went to temple and do many things.It was the first time I spoke with a foreigner. So,When I saw him first ,I was afired. But We share e- mails and chat from one year .But now he is very close to me.
HAPPY NEW YEAR. January 2, 2009
It’s end of another year,
And another course of study
But it is also
The beginning of another new year
So take to brand new short.








